Welcome Visitor: Login to the siteJoin the site

History of Gomarankadawala

Article By: Saliya Piyasekara
Historical fiction



Gomarankadawala is a remote area in Trincomalee District in Sri Lanka. This article is discussed about anceit ruins throgh Divisional History.(language - Sinhala)


Submitted:Mar 14, 2013    Reads: 30    Comments: 1    Likes: 0   


f.daurkalvj, b;sydih

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබද ගවේෂණාත්මක වාර්ථාව සහ ගෝමරන්කඩවල ඉතිහාසය ගොඩනැගීම

wd¾'tï'id,sh mshfialr

^BA,MA uni. of Peradeniya-Sri Lanka)

  1. හැදින්වීම
    1. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි භූගෝලීය පසුබිම
    2. ගෝමරන්කඩවල කොට්ඨාසයෙහි සිතියම
    3. අධ්‍යණයේ අරමුණ
    4. අධ්‍යන ක්‍රමවේදය
    5. අධ්‍යණයේ සීමාකම්
    6. සාහිත්‍ය විමර්ෂණය
  1. පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුතු ස්ථාන පිළිබද ගවේෂණය
    1. රිදී කන්ද
    2. වෙහෙර
    3. හුරුළුමාමිණියාව
    4. ආඳාගල
    5. පහලගම
    6. ආඬියාගල
    7. ශිව දේවාලය
    8. පුලිකණ්ඩිකුලම පුරාවිද්‍යා ස්ථානය
    9. කුරුදු වෙහෙර
    10. මොරගොඩ විහාරය
    11. රංගිරි උල්පත
    12. මයිලවැව පුරාවිද්‍යා වැඩබිම i
    13. මයිලවැව පුරාවිද්‍යා වැඩබිම ii
    14. මයිලවැව පුරාවිද්‍යා වැඩබිම iii
    15. විල්පනාකුලම දක්ෂිණාම විහාරස්ථානය
    16. මහසොරොව්වැව වැවේ වාන අසල නටඹුන්
    17. පඹුරුගස්වැව පුලියන්කුලම වෙහෙරබැඳිකන්ද
    18. පඹුරුගස්වැව පුලියංකුලම අසල යාං-ඔයේ ගල් අමුණ
    19. බඹරකන්ද
    20. මලහිටිකන්ද හෙවත් මළුව පිහිටි කන්ද නටඹුන්
    21. පුරාණ ගල්ලෙන් විහාරය
    22. කිඹුල්පැටියාව ආසන්නයේ යාං ඔයේ ගල් පාලම
    23. කිරින්දෑව ටැම්පිට විහාරය
    24. උක්කිරියාකන්ද නෂ්ටාවශේෂ
    25. කොන්ගොඩයාගම දාගැබක නටඹුන්
    26. බක්මීගම කුඹුරුයාය ඉහත්තවෙහි ඇති නටඹුන්
    27. ගෝමරන්කඩවල පූර්වාරාම විහාරස්ථානයෙහි නටඹුන්
    28. කිඹුල්පැටියාව වැව ඉස්මත්තේ පිහිටා ඇති වෙහෙර බැඳි කන්ද
    29. කළ්‍යාණපුර කුඹුරුයාය ආසන්නයේ පිහිටා ඇති වෙ‍හරබැඳි කන්ද
    30. කල්‍යාණපුර වැව අසල පුරා විද්‍යාත්මක නටඹුන්
    31. තල්ගස්ගස්වැව විහාරස්ථානය අසල කන්ද මුදනෙහි දාගැබ
    32. කිව්ලකඩවල ශෛලබිම්බාරාම විහාරස්ථායේ නටඹුන්
    33. කුඩා‍හොරොව්වැව ටැම්පිට විහාරය

  1. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ඉතිහාසය ගොඩනැගීම
    1. ජනාවාසවීම
    2. ආර්ථිකය
    3. සංස්කෘතික සබදතාවන්
  2. සමාලෝචනය
  3. ආශ්‍රිත පතපොත


පළමුවන පරිච්ඡේදය

  1. හැදින්වීම

  1. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි භූගෝලීය පසුබිම

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් පරිපාලන දිස්ත්‍රික්ක බෙදාවෙන් කිරීමේදී නැගෙනහිර පළාත අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය වශයෙන් දිස්ත්‍රික්ක තුනකින් (03) සමන්විත අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් දක්වා වර්ථමානයේ දී පරිපාලන වශයෙන් බෙදා වෙන්කර ඇත. ඒ අතුරින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටා ඇති අතර එය බටහිර කට්ටකුලම් පත්තුවට අයත්වේ.

උතුරින් පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද දකුණින් මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මායිම් පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 285ක භුමි ප්‍රමාණයකට හිමිකම් කියන ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 10කින් යුක්තවේ. වනගහනය හෙක්ටයාර් 23020ක් පමණ වන අතර කෘෂිකාර්මික කටයුතු සදහා හෙක්ටයාර් 2810ක පමණ භූමියක් භාවිත කරති. වියළිකලාපීය දේශගුණයක් දක්නට ලැබෙන අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25 -39 අතර අගයක් ගනී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1340කි.[1]

කොට්ඨාසයෙහි පවුල් 2741ක මුළු ජනගහනය 8623ක් වන අතර ගම්මාන 41ක් දක්නට ලැබේ. සාමාන්‍ය ජනගහන ව්‍යාප්තිය වර්ග කිලෝමීටරයකට 29.6කි. ජනවර්ග වශයෙන් හා ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනයා සියයට 99.70ක් වන අතර ඉතිරි 0.30 දෙමල හින්දූන් වෙති. එම ප්‍රමාණය සංඛ්‍යාත්මක 26කි.[2] කොට්ඨාසයෙහි බටහිරින් යාං - ඔයද නැනෙහිරින් පන්කුලම් - ඔයද ගලායන අතර ඊෂාණදිග මෝසමින් ලැබෙන අධික වර්ෂාවෙන් මෙම ගංගාවන් පිටාරගලයි. ඉපැරැණි වැව් රාශියක් ප්‍රදේශය පුරා විසිර පවත්නා අතර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මධ්‍ය පරිමාන වැව් 05ක් තවත් කුඩා වැව් 80කට අධික ප්‍රමාණයක් ද කෘෂිකාර්මික හා අනෙකුත් අවශ්‍යතාවෙනුවෙන් ජලය සම්පාදනය කරයි. මේ කුඩා වැව් සියල්ලම පාහේ වර්ෂයේ තුන්වන කාර්තුව පමණ වන විට සම්පූර්ණයෙන්ම වියළියයි. තවත් මෙවැනි වැව් රාශියක් කැඩී බිදී ගොස් වනයෙන් යටව භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතී.ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ප්‍රධාන ප්‍රවේශ මාර්ග දෙකක් ඇත. ඒ 12 ත්‍රිකුණාමලය - පුත්තලම් මාර්ගයේ මොරවැව නගරයට ආසන්නයේ ඇති පන්කුලම තිරියාය මාර්ගයෙන් ද තිරිකුණාමලය - පුල්මොඩය මාර්ගයේ තිරියාය නගරයේ සිට තිරියාය පන්කුලම් මාර්ගයෙන් ද මෙම කොට්ඨාසයට ප්‍රවේශ මාර්ග වැටී ඇති අතර රොටවැව, ඇතිබැඳිවැව හරහා තවත් අතුරු මාර්ගයක් වැටී ඇත.

  1. ගෝමරන්කඩවල කොට්ඨාසයෙහි සිතියම


  1. අධ්‍යණයේ අරමුණ

ඉහත භූගෝලීය වපසරිය පුරා අතීත උරුමයේ නෂ්ටාවශේෂ විශාල වශයෙන් විසිර පවතින අතර මෙම පුරා විද්‍යාත්මක නටඹුන් ස්ථාන අතුරින් කිහිපයක් දැනටමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ කර ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් කැළෑවෙන් වැසී පවිතී. දැනටමත් සංරක්ෂණයට බඳුන්ව ඇති ස්ථාන මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට තවමත් ලක් නොවූ කොට්ඨාසයේ නටඹුන් ස්ථාන පිළිබඳ ගවේෂණාත්මක වාර්ථාවක් හා ඒ ඔස්සේ කොට්ඨාසයේ ඉතිහාසය ගොඩ නැගීමට උත්සහ දැරීමක් මෙම පර්යේෂණය මගින් සිදු කිරීමට අපේක්ෂිතය. මෙමගින් අතීත උරුමය අනාගත පරපුර උදෙසා වාර්ථාගත කොට තැබීමත් අනාගත පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කාර්යායන් සඳහා සහයෝගයක් මේ ඔස්සේ ගොඩ නැගීමත් සංවර්ධන කාර්යයන්හිදී පුරාවිද්‍යා උරුමයට සිදුවන හානිය අවම කිරීමත් දිගු කලක් මහජන අවධානයෙන් බැහැරව පැවැති උරුමයක් වෙත ජනතා අවධානය යොමුකරවීමත්, අනාගතයේ මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ අධ්‍යනය කරන්නෙකුට එම ස්ථාන පහසුවෙන් හඳුනා ගැනීමට හා එම ස්ථාන කරා ළගාවීමට ඇති ගමන් මාර්ග පිළිබඳව අවබෝධයක් ලබාදීම ද මෙමගින් සිදුකිරීමට අපේක්ෂිතය.

  1. අධ්‍යන ක්‍රමවේදය

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විහිද පවත්නා පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුක්ත ස්ථානවෙත ගොස් එම ස්ථානයන් ගවේෂණය කිරීමත් ඡයාරූප ගත කිරීමත් වාර්ථාගත කිරීමත් සිදුකරන අතර එම පුරාවිද්‍යාත්මක නටඹුන් හා සාහිත්‍යාත්මක මූලාශ්‍රයන් භාවිත කරමින් කොට්ඨාසයේ ඉතිහාසය ගොඩනැගීමත් සිදුකරනු ලැබේ.

  1. අධ්‍යණයේ සීමාකම්

මෙම පර්යේෂණය සිදු කිරීමේ දී සීමාකම් කිහිපයක්ද පවති. කොට්ඨාසයේ පුරාවිද්‍යාත්මක නටඹුන් ස්ථාන විශාල ප්‍රමාණයක් ගණවනාන්තරයෙන් හා පස්වලින් වැසී පවතින බැවින් බොහෝ විට නෂ්ටාව ශේෂයන් පහසුවෙන් ගවේෂණය කිරීමට නොහැකිවීමත් ඇතැම් ස්ථාන වෙත ළගා වීමට ඇති අපහසුතා නිසා ගවේෂණයට ලක්කිරීමට නොහැකිවීමත් ප්‍රධාන සීමාකමක්ව පවතී. එසේම ස්ථාන රාශියක් ගවේෂණය කළ බැවින් නටඹුන්හි පරිමාව මිණීමට නොහැකිවීම සීමාකමක්ව පවතී. දළව පරිමාව සටහන්කර ගැනීම සෑම විටම සිදුකෙළෙමි. මෙම පර්යේෂණයේ දී තවත් ප්‍රධාන සීමාකමක් ලෙස සදහන් කළහැක්කේ ස්ථානයෙහි දක්නට ලැබෙන ප්‍රධාන අංග කෙරෙහි පමණක් අවධානය යොමුකරමින් සිදු කිරීම. එසේම කොට්ඨාසයේ ඉතිහාසය ගොඩනැගීමේ දී සාහිත්‍ය මූලාශ්‍ර ඉතා අල්ප වූ අතර පැවැති මූලාශයන් ද ද්විතීක මූලාශයන් වීම හා කොට්ඨාසයෙහි දක්නට ලැබෙන ශිලාලේඛණ පළකර නොතිබීම තවත් ප්‍රධාන සීමාකමක් වශයෙන් පවතී. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ වාර්තා පරිශීලනය කිරීමට නොහැකිවීම තවත් සීමාකමකි.

  1. සාහිත්‍ය විමර්ෂණය

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පුරාවිද්‍යාත්මක උරුමය පිළිබදව රචිත ලේඛණ ඉතාම අල්පවේ. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණයට බඳුන්කර තිබෙන ස්ථාන පිළිබදව එම දෙපාර්තමේන්තුවේ වාර්ථාවන්හි තොරතුරු අන්තර්ගතව පවතී.

සී.සිරිල් මැතිව් මහතාගේ සිහලුනි බුදු සසුන බේරාගනිව් කෘතියෙහි සුරුළුමාමිනියාව, රංගිරි උල්පත, පුලිකණ්ඩිකුලම, ගෝමරන්කඩවල පූර්වාරාමය, කිඹුල්පැටියාව වෙහෙරබැඳිකන්ද,රිදීකන්ද, කිව්ලකඩවල පහළ නටඹුන්, පඹුරුගස්වැව වෙහෙරබැඳිකන්ද, මයිලවැව ii හැළඹවැව පුරාවිද්‍යා ස්ථානයන් පිළිබඳව මෙහි සඳහන් කොට තිබේ.[3] 2005 දයාසේන ජයකොඩි සහ සමාගම විසින් පළ කර ඇති එල්ලාවල මේදානන්ද හිමිගේ "The Sinhala Buddhist Heritage in the East and the North of Shri Lanka" ග්‍රන්ථයෙහි රංගිරි අල්පත හා රිදීකන්ද පුරාවිද්‍යා ස්ථාන ද්වය පිළිබදවද එල්.ඩී. රංජිත් සැම්සන් මහතා විසින් රචනාකර 2003 වර්ෂයේ කතෘ ප්‍රකාශනයක් ලෙස පළකර ඇති ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෞරාණික නටඹුන් විස්තර නම් පොතෙහි රිදීකන්ද පුරාවිද්‍යා වැඩබිමෙහි නටඹුන් පිළිබදවද යම් විස්තරයක් දක්නට ලැබේ. සී.ඩබ්ලිව්. නිකලස් මහතාගේ Historical Topography of Ancient & Medieaval Ceylon ග්‍රන්ථයෙහි ද ගෝමරන්කඩවල පිළිබඳව සඳහනක් වේ. ගෝමරන්කඩවල ප්‍රදේශයෙහි ශිලාලේඛන පැවැති බවට එහි සඳහන්වේ. උක්ත ග්‍රන්ථයන්හි ඉතා දළ හැඳින්වීම් පමණක් දක්නට ලැබේ. එසේම පී.එල්.සිරිසේන විසින් රචිත 2009 වර්ෂයේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශයක් ලෙස පළවූ සිරිගෝණමලය හෙවත් ත්‍රිකුණාමලය නම් ග්‍රන්ථයෙහිද ගෝමරන්කඩවල හා රිදීකන්ද පිළිබදව ඉතා කුඩා සදහනක් දක්නට ලැබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යාපති උපාධිය සඳහා ඉන්දික විතානගේ විසින් යාං ඔය පහළ නිම්නය පිළිබදව උපාධි නිබන්ධනයක් ඉදිරිපත් කළ අතර එම නිබන්ධනයෙහිද එම නිබන්ධනය ආශ්‍රයෙන් "යාන් ඔය පහළ නිම්නයේ ජනාවාසයන්හි කලානුක්‍රමාවලිය හා සංස්කෘතික විවිධත්වය" යන මැයෙන් 2010 වර්ෂයේ නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සාහිත්‍ය සමරු කලාපය ලෙසින් ප්‍රකාශිත පෙරඹර සාහිත සුපුවත කෘතියෙහිද ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පුරාවිද්‍යාත්මක උරුමය පිළිබදව තොරතුරු අන්තර්ගතව පවතී. එසේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන දායාද සගරාවෙහි 2010 ජුලි කලාපයෙහි හදුන්වාදෙන උරුමය යටතේ රංගිරි උල්පත, කිව්ලකඩවල ශිවදේවාලය හා මැදවච්චිය ආඳාගල පිළිබදව දළ සටහනක් අන්තර්ගතව ඇත.

උක්ත සාහිත්‍ය සටහන් අතුරින් ඉන්දික විතානගේ විසින් වඩාත් විද්‍යානූකූලව කොට්ඨාසයෙහි අතීත උරුමය පිළිබදව අධ්‍යනය සිදුකර තිබේ. ඉහත සදහන් එකද කෘතියක් හෝ සෘජුව ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පුරාවිද්‍යාත්මක උරුමය පිළිබදව අවධානය යොමුකරමින් සිදුකළ අධ්‍යනයන් නොවන බැවින් කොට්ඨාසයේ පුරාවිද්‍යාත්මක නෂ්ටාව ශේෂයන් පිළිබඳව පූර්ණ වාර්ථාගතවීමක් සිදුවී නොමැත.

මෙම අඩු පාඩුව පූර්ණය කරනුවස් මෙම ගවේෂණ වාර්ථාව ඉදිරිපත් කරනු ලැබේ.


දෙවන පරිච්ඡේදය

  1. පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුතු ස්ථාන පිළිබද ගවේෂණය

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පුරාවිද්‍යා නටඹුන් ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් මා විසින් මෙම අධ්‍යනයේදී හඳුනාගනු ලැබූ අතර ප්‍රදේශයේ වැඩිහිටි ජනයා සමග කරන ලද සාකච්ඡාවලදී තවත් මෙබදු ස්ථාන රාශියක් ගණවනාන්තරයෙහි දක්නට ලැබෙන බව පෙනීයයි. එම ස්ථානයන්වෙත ලගාවීමට මාහට නොහැකි වූවා පමණක් නොව විශ්වසනීය ලෙස ප්‍රමාණාත්මකව තොරතුරු ලබාගැනීමට නොහැකි වූ බැවින් එම ස්ථාන පිළිබඳව මෙම අධ්‍යනය තුළ සඳහන් කිරීමක් සිදුකරනු නොලැබේ. එසේ ම මෙහි සඳහන් ස්ථාන අතුරින් පෙත්තෑව බඹරකන් ද යන ස්ථාන දෙකවෙත මා හට ළගාවීමට නොහැකිවූ අතර විශ්වසනීය පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු මත එම පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව මෙම වාර්ථාවෙහි සඳහන්කරනු ලැබේ. ඇතැම් ස්ථානයන්හි නටඹුන් ස්ථාන ඡායාරූප ගත කිරීමට නොහැකි වූ අතර ස්ථාන කිහිපයක ගන්නා ලද ඡායාරූප මැකීයෑමක් සිදු වූ බැවින් ඇතැම් ස්ථානයන් පිළිබදව ඡායාරූප ඉදිරිපත් කිරීමට නොහැකිවිය.

කොට්ඨාසයෙහි පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුක්ත ස්ථාන 31ක් පිළිබඳව මෙම ගවේෂණ වාර්ථාවෙන් තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ. මෙම ස්ථාන අතුරින් ස්ථාන 14ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණයන්ට යටත්ව පවති. මා විසින් අධ්‍යනය කරන ලද එම පුරාවිද්‍යාත්මක නටඹුන් සහිත ස්ථාන එම ස්ථාන පිහිටා ඇති ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පහත සදහන් පරිදි වේ.

අනු අංකය

පුරා විද්‍යා ස්ථානයේ නම

පිහිටි ග්‍රා.නි. වසම

01

රිදී කන්ද

කන්දමලාව

02

කන්දමලාව වැවෙහි වාන අසල වෙහෙර

කන්දමලාව

03

හුරුළුමාමිණියාව

මැදවච්චිය

04

ආඳාගල

මැදවච්චිය

05

පහලගම

මැදවච්චිය

06

ආඬියාගල

කිව්ලකඩවල

07

ශිව දේවාලය

කිව්ලකඩවල

08

කිව්ලකඩවල ශෛලබිම්බාරාමයේ නටඹුන්

කිව්ලකඩවල

09

පුලිකණ්ඩිකුලම පුරාවිද්‍යා ස්ථානය

පුලිකණ්ඩිකුලම

10

කුරුදු වෙහෙර

පුලිකණ්ඩිකලම

11

මොරගොඩ විහාරය

පුලිකණ්ඩිකුලම

12

රංගිරි උල්පත

පුලිකණ්ඩිකුලම

13

කිරින්ඳෑව ටැම්පිට විහාරයේ නටඹුන්

පුලිකණ්ඩිකුලම

14

බක්මීගම කුඹුරුයාය අසළ නටඹුන්

බක්මීගම

15

මයිලවැව පුරාවිද්‍යා වැඩබිම i

මයිලවැව

16

මයිලවැව පුරාවිද්‍යා වැඩබිම ii

මයිලවැව

17

මයිලවැව පුරාවිද්‍යා වැඩබිම iii

මයිලවැව

18

තල්ගස්වැව පන්සල අසල ගල මුදුනේ නටඹුන්

මයිලවැව

19

කල්ලම්පත්තුව වැව අසල නටඹුන්

කල්‍යාණපුර

20

විල්පනාකුලම විහාරස්ථාන

කළ්‍යාණපුර

21

වෙහෙරබැඳිකන්ද

කළ්‍යාණපුර

22

මහසොරොව්වැව වැවේ වාන අසල නටඹුන්

පඹුරුගස්වැව

23

වෙහෙරබැඳිකන්ද

පඹුරුගස්වැව

24





0

| Email this story Email this Article | Add to reading list



Reviews

About | News | Contact | Your Account | TheNextBigWriter | Self Publishing | Advertise

© 2013 TheNextBigWriter, LLC. All Rights Reserved. Terms under which this service is provided to you. Privacy Policy.