
f.daurkalvj, b;sydih
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පුරාවිද්‍යාත්මක නටඹුන් පිළිබද ගවේෂණාත්මක වාර්ථාව සහ ගෝමරන්කඩවල ඉතිහාසය ගොඩනැගීම
wd¾'tï'id,sh mshfialr
^BA,MA uni. of Peradeniya-Sri Lanka)
පළමුවන පරිච්ඡේදය
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් පරිපාලන දිස්ත්‍රික්ක බෙදාවෙන් කිරීමේදී නැගෙනහිර පළාත අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය වශයෙන් දිස්ත්‍රික්ක තුනකින් (03) සමන්විත අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් දක්වා වර්ථමානයේ දී පරිපාලන වශයෙන් බෙදා වෙන්කර ඇත. ඒ අතුරින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටා ඇති අතර එය බටහිර කට්ටකුලම් පත්තුවට අයත්වේ.
උතුරින් පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද දකුණින් මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි මායිම් පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 285ක භුමි ප්‍රමාණයකට හිමිකම් කියන ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 10කින් යුක්තවේ. වනගහනය හෙක්ටයාර් 23020ක් පමණ වන අතර කෘෂිකාර්මික කටයුතු සදහා හෙක්ටයාර් 2810ක පමණ භූමියක් භාවිත කරති. වියළිකලාපීය දේශගුණයක් දක්නට ලැබෙන අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25 -39 අතර අගයක් ගනී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1340කි.[1]
කොට්ඨාසයෙහි පවුල් 2741ක මුළු ජනගහනය 8623ක් වන අතර ගම්මාන 41ක් දක්නට ලැබේ. සාමාන්‍ය ජනගහන ව්‍යාප්තිය වර්ග කිලෝමීටරයකට 29.6කි. ජනවර්ග වශයෙන් හා ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනයා සියයට 99.70ක් වන අතර ඉතිරි 0.30 දෙමල හින්දූන් වෙති. එම ප්‍රමාණය සංඛ්‍යාත්මක 26කි.[2] කොට්ඨාසයෙහි බටහිරින් යාං - ඔයද නැනෙහිරින් පන්කුලම් - ඔයද ගලායන අතර ඊෂාණදිග මෝසමින් ලැබෙන අධික වර්ෂාවෙන් මෙම ගංගාවන් පිටාරගලයි. ඉපැරැණි වැව් රාශියක් ප්‍රදේශය පුරා විසිර පවත්නා අතර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මධ්‍ය පරිමාන වැව් 05ක් තවත් කුඩා වැව් 80කට අධික ප්‍රමාණයක් ද කෘෂිකාර්මික හා අනෙකුත් අවශ්‍යතාවෙනුවෙන් ජලය සම්පාදනය කරයි. මේ කුඩා වැව් සියල්ලම පාහේ වර්ෂයේ තුන්වන කාර්තුව පමණ වන විට සම්පූර්ණයෙන්ම වියළියයි. තවත් මෙවැනි වැව් රාශියක් කැඩී බිදී ගොස් වනයෙන් යටව භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතී.ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ප්‍රධාන ප්‍රවේශ මාර්ග දෙකක් ඇත. ඒ 12 ත්‍රිකුණාමලය - පුත්තලම් මාර්ගයේ මොරවැව නගරයට ආසන්නයේ ඇති පන්කුලම තිරියාය මාර්ගයෙන් ද තිරිකුණාමලය - පුල්මොඩය මාර්ගයේ තිරියාය නගරයේ සිට තිරියාය පන්කුලම් මාර්ගයෙන් ද මෙම කොට්ඨාසයට ප්‍රවේශ මාර්ග වැටී ඇති අතර රොටවැව, ඇතිබැඳිවැව හරහා තවත් අතුරු මාර්ගයක් වැටී ඇත.